Gossips

මත්ස්‍ය ආනයනය සීමා කිරීමට පියවර

මත්ස්‍ය ආනයනය සීමා කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
දේශීය ධීවරයා සහ ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණ ගැනීමට සිදුවන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහළ තත්වයක පවතින සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මත්ස්‍ය ආනයන සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.
ධීවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ මෙරටට ආනයනය කර ඇති මත්ස්‍ය ප්‍රමාණය ටොන් 84463 ක්.
ඊට රුපියල් මිලියන 32726 ක් වැයවී තිබෙනවා.
මෙවැනි මුදලක් විදේශයන් වෙත ගලා යාම වැලැක්වීම සහ, ධීවරයා සවිබල ගන්වා රටේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලීමට මෙම පියවර මගින් හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියාසිටියේ.