මත්වීම සදහා භාවිතා කරන ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තඹුත්තේගම – රැජින හන්දියේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති ජාවාරමේ නිරතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
