Gossips

මත්පෙති 1670ක් සමඟ දෙදෙනෙකු ඕමන්තේ දී අත්අඩංගුවට (ඡායාරූප)

ඕමන්ත ප්‍රදේශයේදී මත්පෙති 1670ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඕමන්ත පොලිස් මාර්ග බාධකයේ දී යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ බස් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අවුරුදු 23 සහ 25 වයස්වල පසුවන ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය