කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ටෙස්ලා නැමති මත්පෙති 21 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මත්පෙතිවලට අමතරව මොහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 370 ක් සහ හෂීස් ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 910 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
