Gossips

මත්පෙති සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මත්පෙති 2600ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 19 වන දා මත්පෙති තොගයක් සමඟ ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරකට අනුවයි මොවුන් ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් චුන්නාගම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 33 වයස්වල පසුවන්නන්.