Gossips

මත්පැන් විසවී මලයාසියාවේ 21 ක් මරුට

මත්පැන් විසවීමකින් මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් විසි එක්දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මත්පැන් පානය කළ තවත් පුද්ගලයන් 57 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.
මලයාසියාවේ නිෂ්පාදිත එතනෝල් අධික, ප්‍රමිතියෙන් බාල මත්පැන් මොවුන් පානය කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇති අතර, බංග්ලාදේශ, මියන්මාර, ඉන්දුනීසියා සහ නේපාල ජාතිකයන් ද මියගිය පිරිසට ඇතුළත්.