Gossips

මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අයිතිය ඉල්ලූ පෙත්සම විභාගයට

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැදවූ අවස්ථාවේදී තීරණය කෙරුණේ ඒවා ලබන වසරේ පෙබරවාරි 6 වන දා සිට විභාගයට ගැනීමටයි.
අදාළ තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, පසුව එය අවලංගු කෙරුණා.
ඉන් අනතුරුවයි කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සංවිධානය ඇතුළු පාර්ශව 15ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවේ.