Gossips

මත්පැන් බොන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංචාරයන් අතරතුරදී අහඹු ලෙස තෝරාගෙන මත්පැන් පානය කර ඇද්දැයි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවා.
"ක්‍රීඩකයින් සාදවලට සහභාගි වෙලා මත්පැන් පානය කරන බවට අපිට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ වගේම දිමුත්ගේ වැනි සිද්ධින් ද මෙයට බලපෑවා. පරීක්ෂණයෙන් සනාථ වුවහොත් මත්පැන් පානය කරලා කියලා දඬුවම් ලබන්න වෙයි.."
"වාර්ෂික ක්‍රීඩක කෝන්ත්‍රාත්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව වගන්ති ඇතුළත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.." යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.rn