Gossips

මත්පැන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට

මත්පැන් ළඟ තබාගැනීමේ බලපත්‍ර ඔන් ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සැළසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 7.5 කට වඩා ළඟ තබා ගන්නේ නම් ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් ලබාගත යුතුයි.
නව ක්‍රමවේදය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ කියා සිටියේ එලෙස බලපත්‍රයක් ලබා නොගතහොත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.