Gossips

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කුරුඳුවත්තේදී අල්ලයි

අයිස්, හෂීස් සහ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටොරින්ටන් – හැටේවත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොවුන් ළඟ තිබී කේරළ ගංජා කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමාණයක්, හෂීස් ග්‍රෑම් 89යි මිලිග්‍රෑම් 950ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 580ක්, මත්පෙති 4ක් සහ මත් මුද්දර 41ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන ටොරින්ටන් මාවත ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.
මීට අමතරව කැළණිය – තල්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 50ක් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කේරළ ගංජා කිලෝ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර කොට්ඨාශ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි.