Gossips

මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ දෙකකදී මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – මස්කෙළිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි.
අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන මොවුන් ලඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 145 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් සමඟ 28 හැවිරිදි තරුණයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.