Gossips

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හෙට සම්මාන

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරීන්ට ජනාධිපතිවරයා අතින් හෙට සම්මාන පිරිනැමීමට නියමිතයි.
ජනපති – ප්‍රශංසා ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.
2015 ජනවාරි 14 වනදා සිට මේ වසරේ ජනවාරි 14 වන දා දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායක වී ඇති නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා දායක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 1034කට මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමෙනවා.