Gossips

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා කරුණාවේ ගිය 34කට දඩ

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 34 දෙනෙකුට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට රුපියල් 88,500ක දඩ මුදලක් ගෙවන ලෙසටයි හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටී. සරවනරාජා නියෝග කර ඇත්තේ.
හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් 20ත්, 30ත් අතර වයස්වල පසුවන ගාල්ල, මාතර, කොළඹ, කුරුණෑගල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්.