හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් තිබෙනවා.
මෙම සුනඛයාගේ වයස අවුරුදු 8 ක් වන අතර පෑලියගොඩ, අම්පාර, මඩකලපුව සහ බණ්ඩාරවෙල පොලිස් ස්ථානවල රාජකාරී සිදුකර අවසන් වරටයි හැටන් පොලිස් කොට්ඨාශයට අනුයුක්ත කර තිබුනේ.
හැටන් ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහයෝගය ලබාදී ඇති කෝරා විශේෂයෙන් ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට ද සහය ලබාදී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා කෝරා සුනඛයා රැගෙන ගිය අවස්ථාවේ මරණයට පත්ව ඇති බව හැටන් පොලිසිය ප්‍රකාශ කළ බවයි.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ