Gossips

මත්ද්‍රව්‍ය මර්දන නව ජාතික වැඩසටහන හඳුන්වා දීම හෙට

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය, පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව, සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබද විද්වත් සමුළුවේ සමාරම්භක උත්සවයට කොළඹ දී අද එක්වෙමින්.
එමෙන්ම මානව හිමිකම් පිළිබද සාකච්ඡා කරන ජාත්‍යන්තරය, මත්ද්‍රව්‍ය නිවාරණයට අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු කර නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.