Gossips

මත්ද්‍රව්‍ය පාලනය කරන්න, ජනපතිගෙන් පොලීසියට උපදෙස්

උතුරු – නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ගෙන යන වැඩපිළිවෙල කාර්යක්ෂම කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවනවරටත් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
එහිදී උතුරු – නැගෙනහිර පළාත්වල සිදුකෙරෙන සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව ද වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රැස්වීමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන්, රජයේ අමාත්‍යවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද එක්වුණා.