Gossips

මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ පොලිස් ඒකක 25 ක්

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අවශ්‍ය නිළධාරින් තෝරා ගැනීම හා පුහුණු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.