Gossips

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අද

මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද මාතරදී පැවැත්වෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන්.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 650ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වුණා.
ඒ අනුව එම වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායකවූවන් ඇගයීමට ලක් කිරීම අද පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුවේදී සිදුකිරීමට නියමිතයි.