Gossips

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ශ්‍රී ලංකාවට සිංගප්පූරු තාක්ෂණය සහ දැනුම

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට සිංගප්පූරු රජය එකඟතාව පළකර තිබෙනවා.
ඒ, එරට දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සිංගප්පූරු සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන් ලී අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදියි.
ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ අතර, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට සිංගප්පූරුවේ විශේෂ නියෝජිත පිරිසක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බව අනාවරණ වුණා.
මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවන පොලිස් නිලධාරීන් අගයමින්, ඉදිරි සතියේදී තමා ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.