Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනයට විශේෂ පනතක්

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීයදායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාලව විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.