නීතිවිරෝ්ධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේදී පුළුල් සහයෝගයකින් යුතුව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මාලදිවයින් ජනාධීපති ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි අද එකඟත්වයකට පැමිණියා.
ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.
එසේම වෙළඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවික ක්‍ෂේත්‍රවලට අදාළව දෙරට අතර ඇතිකරගෙන ඇති ගිවිසුම් යාවත්කාලීන කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන යන විශේෂ වැඩපිළිවෙල සහ කැපවීම මෙහිදී මාලදිවයින් ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රශංසාවට ලක්වුණා.
71 වන ජාතික දින උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මාලදිවයින් ජනාධිපතිවරයාට ස්තූතියද පළ කළා.
මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
