Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම්දීමට 1984 කෙටි දුරකථන අංකය ජනපති විසින් ප්‍රකාශයට පත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ කෙටි දුරකථන අංකය ජනාධිපති විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ද ප්‍රකාශයට පත් කෙරුණා.
එහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්වුනේ මුලතිව් – මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේදීයි.
එම සතිය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි.