මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා "1984" කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් හෙට සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මුලතිව් – මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේදී සිදුකෙරෙන අතර, එම සතිය ලබන 28 වන දා දක්වා ක්‍රියාත්මකයි.
