Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දෙන දවස ජනපති තීරණය කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබද දින වකවානු මේ වනවිටත් තමන් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මෝදර ප්‍රදේශයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් අමතමින්.
මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන සහ වැඩසටහන සංවිධාන කර තිබුණේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව ආගමික නායකයින්ගේ මැදිහත් වීමෙන්.
පා ගමන අවසානයේ මෝදර විට්ස් වයිට් උද්‍යානයේ පැවති සමාප්ති වැඩසටහනට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

rnrn