මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත කණ්ඩායම විනාශ කළේ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
