Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආයතන සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.