Gossips

මත්ද්‍රව්‍ය චෝදනාවලට මරණ දඬුවම නියමවූවන් ගැන අධිකරණ අමාත්‍යාංශයෙන් අධ්‍යයනයක්

අධිකරණ අමාත්‍යාංශය වෙත ලබාදී ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුව පිළිබදව පූර්ණ අධ්‍යයනයක් සිදුකරන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූ රැදවියන් 18 දෙනෙකුගේ නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ ඊයේ (15) කියා සිටියේ.
එම 18 දෙනා අතර විදෙස් ජාතිකයන් ද සිටිනවා.
මෙම රැඳවියන් 18 දෙනාට ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් සහ ඔවුන් සිය තීන්දුවට එරෙහිව අභියාචනා ගොනුකර ඇත්ද යන්න පිළිබඳව පළමුව සොයා බැලීමක් සිදුකරන බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.