Gossips

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් STF අත්අඩංගුවට

ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 16 ක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් අනුව වැලිගම්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝවක් සොයා ගැනුනා.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර එක් සැකකරුවෙකු කුලී පදනම මත ලබාගෙන තිබු ජාඇල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 15ක් සොයා ගැනුනා.
ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක්, කොකේන් ග්‍රෑම් 300ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක්, රිවොල්වර 4 ක් වාහනවල ව්‍යාජ අංක තහඩු 15 ක්, ජීව උණ්ඩ කිහිපයක් සහ විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ද අදාළ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.