පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගෙන්වා ඇති බවට සැක පළ කෙරෙන ෂී – සෙල්ස් සහ බංග්ලාදේශයේ සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජාත්‍යන්තර පොලීසියේ සහය පතා තිබෙනවා.
මේ වනවිටත් ඊට අවශ්‍ය කරුණු ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුවත් කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ බේරුවල පිහිටි නිවසෙහි තිබී අධි තාක්ෂණික දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් ලක්ෂ 59 ක් සොයා ගෙන තිබෙනවා.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය පියවර ගෙන තිබුණේ.
