Gossips

මත්ද්‍රව්‍ය කරල් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරල් 45ක් පිටතට ගෙන තිබෙනවා.
හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ බ්‍රසීලයේ සිට දෝහා කටාර් රාජ්‍යය හරහා ඊයේ (16) උදෑසන මොහු දිවයිනට පැමිණි අවස්ථාවේ රේගු අත්අඩංගුවට පත්වූ බවයි.
මත්ද්‍රව්‍ය අඩංගු තවත් කරල් පිටතට ගැනීම සඳහා ඔහුට විරේක බෙහෙත් ලබාදීමට කටයුතු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.