Gossips

මත්ද්‍රව්‍ය අභියෝගය පිටුදැකීමට ආකල්පමය වෙනසකට කාලය එළැඹ ඇති බව ජනපති කියයි

පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිටුදැකීමේ කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දරුණු ව්‍යසනයක් මෙන් පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මගින් සිදුකරන අත්අඩංගුවට ගැනීම, වැටලීම් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මත පමණක් පාලනය කළ නොහැකි තත්ත්වකට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිවාරණය සහ මර්දනය සදහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා සිදු කෙරෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මතින් නිදහස් රටක් සදහා වූ බක්මහ දිවුරුම පිළිබද රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලූ ක්ෂේත්‍ර දැනුවත් කිරීම වෙනුවෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හමුවක් අමතමින්.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මේවන විට ඉතා අවාසනාවන්ත ලෙස සමාජය විනාශ කරමින් සිටින බවයි,
මතු පරපුර වෙනුවෙන් එය පිටුදැකීමේ වගකීම ඉටුකිරීමට සියලූදෙනා අප්‍රමාදව ඒකරාශි විය යුතු බව ද ඔහු සඳහන් කළා.
සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පිහිටුවන ලෙස රජය මීට පෙර අවස්ථා කිහිපයක දී ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු සක්‍රීයවට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී ආයතන ප්‍රධානින්ට අවධාරණය කර තිබෙනවා.