Gossips

මත්තේගොඩ බැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් පොලිසියට කොටු – මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසකුත් හමුවෙයි

කොට්ටාව – මත්තේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුළ දියි.
මෙහිදී අදාළ බැංකුවෙන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 93ක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ 493ක් පමණ වටිනා රන් භාණ්ඩ වළ දමා තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
එසේම අදාළ රාජ්‍ය බැංකුවේ සී.සී.ටී.වී. පද්ධතියේ වීඩියෝ පටිගත කිරීමේ උපකරණය සැකකරුවන් හංවැල්ල – පරණ පාරෙන් කැළණි ගඟට විසි කර ඇති බව ද, පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එම කොටස් ගොඩ ගැනීම සඳහා මේ වන විට කිමිදුම්කරුවන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මොටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් අදාළ රාජ්‍ය බැංකුව කොල්ල කා පළා ගියේ පසුගිය සිකුරාදායි.