Gossips

මත්තල රක්ෂිතයක අක්කර 500කට වැඩි ප්‍රදේශයක් එළි පෙහෙළි කර ගිනි තබා විනාශ කරයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මත්තල කඩවර රක්ෂිතයේ අක්කර 500කට අධික ප්‍රදේශයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර ගිනි තබා විනාශ කර තිබෙනවා.
අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ රක්ෂිතයේ තිබූ වසර 100 කට වඩා පැරණි පලු, හල්මිල්ල ඇතුළු විශාල ගස් රැසක් රක්ෂිතයට අහිමිව ඇති බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මත්තල, කඩවර රක්ෂිතය මුළුමනින්ම පාහේ වෙන්කර ඇත්තේ වන අලි සඳහායි.
මේ වන විටත් රක්ෂිතයේ අක්කර 500 කට අධික ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් මෙලෙස ගිනි තබා විනාශ කර තිබෙනවා.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන් පැමිණෙන විටත් රක්ෂිතයේ ඇතැම් ස්ථාන ගිනි ගනිමින් පැවතියා
අප කළ විමසීමකදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.සී.පී. විජය කුමාර මහතා සඳහන් කළේ අලි ගම් වැඳීමේදී වනජීවී නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම වෙනුවට මහජනතාව කළ යුත්තේ රක්ෂිත ආරක්ෂා කර ගැනීම බවයි.