Gossips

මත්තල ගොඩගන්න 70% ක් ඉන්දියාවෙන්

මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා.
එම ව්‍යාපෘතිය සඳහා සියයට 70 ක් ඉන්දීය රජයෙන්ද සියයට 30 ක් ශ්‍රී ලංකා රජයෙන්ද යෙදීමටයි මෙම සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ.
ඒ අනුව අදාළ යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ.