Gossips

මත්තල ගුවන් තොටුපල ගැන ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අද පස්වරුවේ ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අධික පාඩු ලබන තත්වයක් යටතේ එය පවත්වාගෙන ගියද විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.
එමෙන්ම මත්තල ගුවන් තොටුපලේ පාඩුව පියවා ගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආදායමින් රුපියල් බිලියන 3 ක මුදලක් යොදාගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.