Gossips

මත්තල ගැන ආණ්ඩුවේ මත දෙකක්

ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
‘‘ඉස්සර චීනයට දුන්නු දේ අපි ගත්තා. හම්බන්තොට වික්කා කියලා අපිට චෝනා කරනවා.
අපි පසුගිය ආණ්ඩුවෙන් විකුණපු හැමදේම ගත්තා. මත්තල අපි දැන් ඉන්දියාවට දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ ඒකේ සංවර්ධන කටයුතු වෙනුවෙන්. ’’
මේ අතර මත්තල ගුවන් තොටුපල විකිණීමේ සූදානමක් පවතින බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොට ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.
එදා ඉන්දියාවේ ඇම්බියුලන්ස් ගේනකොට හොර ඔත්තු සේවය එනවා කියලා අපිට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
මත්තල විකිණුවා කියලත් අපිට චෝදනා කළා. අපි තාම අවසන් තීරණයක නැහැ. නමුත් හම්බන්තොට, මත්තල අපි දියුණු කරන්න ඕන. ඉන්දියාවේ හරි සෝමාලියාවේ හරි කවුරු හරි ගෙනල්ලා උගේ සල්ලිත් දාලා අපේ සල්ලිත් දාලා ඕක දියුණු කරන්නයි අපිට ඕන.’’