Gossips

මත්තල ඉන්දියාවට විකිණීම ගැන විමල්ගෙන් නිවේදනයක්

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකිණීම ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පසුගිය රජය මත්තල ගුවන් තොටුපල ඉදිකරනු ලැබුවේ හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ආයෝජන කලාපයට ගුවන් සේවා සැපයීම සහ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපලක අවශ්‍යතාවය මත බවයි.
එහෙත් මත්තල ගුවන් තොටුපලට වෙන් කර තිබූ අක්කර 24,000ක් ඉන්දියානු සමාගමකට ලබාදීමට රජය එකඟතාවය පළ කර ඇති බවත්, ඊට අමතරව ගුවන් තොටුපළ ආශ්‍රිත තවත් අක්කර 40,000ක් භූමි ප්‍රමාණයක් ආරක්ෂිත කලාපයක් ලෙස අදාළ සමාගමට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මේ ආකාරයට චීනයට බදු දී ඇති හම්බන්තොට වරායට කිලෝමීටර් දෙක හමාරක් දුරින් ඉන්දියානු ඔත්තු සේවා විසින් මෙහෙය වන ගුවන් තොටුපළක් තිබීම තුළින් රට තුළ බරපතල දේශපාලන සහ යුදමය ගැටළුකාරී තත්ත්වයක් පැන නගින බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.