මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට බදුදීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හුදු හවුල් ව්‍යාපාරික ගණුදෙනුවක් පමණක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් වූ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට, නීතිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවටයි.
එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඍජු ලෙස පැමිණිලි ඉදිරිපත් කිරීමේ ගැටළුවක් පවතින බවද මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර, ඊට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පිළිතුරු ලබාදුන්නා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
