Gossips

මත්තලදී වෙඩි වැදීමකින් වන අලියෙකුට තුවාල

මත්තල – ගලහිටිය වැව ආසන්නයේදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී වන අලියෙකු තුවාල ලබා තිබෙනවා.
වනඅලින් කලමනාකරණ කිරීමේ රක්ෂිතය තුළදී ඊයේ මෙම වන අලියා මෙලෙස අනතුරට පත්ව ඇති බවයි හම්බන්තොට වනජීවී කාර්යාලය සඳහන් කළේ.
බඳින තුවක්කුව පත්තුවීමෙන් මෙම සත්වයාගේ දකුණු පාදය තුවාල වී ඇති අතර, එම වන අලියා ප්‍රතිකාර කිරීමේ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ඇතුලූ පිරිසක් සිදුකරනු ලබනවා.
අවුරුදු 30 ක් පමණ වයසැති මෙම වනඅලියා නිරන්තරයෙන් රක්ෂිතයේ වැව ආසන්නයේ සැරිසරමින් සිටින බවයි වාර්තා වන්නේ.