මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (26) උදෑසන ගුවන් යානයක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
ගුවන් තොටුපලේ ගිනි නිවන නිලධාරීන් විසින් එම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි වාර්තා වන්නේ.
එම යානය ඊයේ (25) තායිලන්තයේ බැංකොක් නුවර සිට මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති අතර අද (26) උදෑසන ගුවන් යානය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඕමානය දක්වා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.
ගින්න හටගත් මෙම යානය රුසියාවේ නිෂ්පාදිත අන්ටනොවෝ – 12 වර්ගයේ යානයක් වන බවයි වාර්තා වන්නේ.
මෙම යානයේ ගින්න හටගත් අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටි ඇති අතර අනතුරුන් ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.
