Gossips

මත්ගුලි ගිල පැමිණි නේපාල ජාතිකයාගෙන් දින 07ක් ප්‍රශ්න කරන්න අවසර

පාකිස්තානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු ගිල දැමූ මත්ගුලිවල හෙරොයින් ග්‍රෑම් 400ක් තිබූ බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකාර නේපාල ජාතිකයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළ බවයි.
අදාළ නේපාල ජාතිකයා විසින් ගිලින ලද මත්ගුලි 40ක් ඊයේ (30) කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන් ඉවතට ගනු ලැබුවා.
මේ වන විට සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
39 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංගශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු හෙරොයින්, ගුලි වශයෙන් සකස් කර ගිල දමා ඇති බව පසුව අනාවරණ වුණා.