Gossips

මත්කුඩු සමඟ කාන්තාවක් පොලිස් දැලේ

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුකරන ලද හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 100ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඊයේ (20) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, ලුණුවිල, පාලම් කණුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.
සැකකාරිය කොළඹ සිට වෙන්නප්පුව ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු ගෙනවිත් බෙදාහරින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඇයව පරික්ෂා කිරීමේදී සිය ඇඳුම් අතර සඟවාගෙන සිටි මත් කුඩු සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ ඇය සතුව තිබූ මත්කුඩු තොගය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වෙන්නප්පුව පොලීසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.