මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලිම සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මීගමුව ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
