මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා මාළිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදියි.
සැකකරු ළඟ තිබී මත්කුඩු ද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
