Gossips

මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

මිහින්තලේ, රඹෑව සහ අවට ප්‍රදේශවලට ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙකු හෙරොයින් සමඟ අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රඹෑව, උක්කුලන්කුලමේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 70 බැගින් ඇසුරූ පැකට් 65 ක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහුගෙන් මත්කුඩු මිලදී ගන්නා තරුණයින් සිව් දෙනෙකු කළ අනාවරණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.