Gossips

මත්කුඩු ජාවාරම්කරුවන් 200 ක් ඝාතනය කෙරේ

මත්කුඩු ජාවාරම් සිදුකරන පුද්ගලයින් 200 දෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් ඝාතනය කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ පිලිපීන ක්‍රමවේදයට සමාන මර්දනයක් එරට ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙලෙස මත් ජාවාරම්කරුවන් ඝාතනය කිරීම ආරම්භ කර ඇති බවයි.
මත්කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙල පසුගිය මැයි මාසයේදී ආරම්භ වීමත් සමග තවත් පුද්ගලයින් 25000 ක් පමණ සිරගතව සිටින බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශ රජයේ නිලධාරින් පවසන්නේ අඩු මිලට මත් පෙති විකිණීම සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාවලියකින් තොරව මෙවැනි නීති ක්‍රියාත්මක වීම පිළිබදව බංග්ලාදේශ රජයට මානව හිමිකම් සංවිධාන එල්ල කරන්නේ දැඩි චෝදනාවක්.