Gossips

මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශ ජාතික මණ්ඩලයේ් අනුමැතිය

මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශයේ ජාතික මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ සඳහා ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 228 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 139 ක් පමණයි.
තවත් 24 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්‍රංශයට පැමිණෙන පුද්ගලයින්ට සරණාගතභාවය ලබාගැනීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය මෙම පනත හරහා අඩුකර තිබෙනවා.
එමෙන්ම නීතිවිරෝධී ලෙස ප්‍රංශයට ඇතුලුවන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත හැකි කාලයද දෙගුණයකින් වැඩිකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් සම්මත කරගත් මෙම නව පනතට ප්‍රංශයේ මානව හිමිකම් සංවිධාන විරෝධය පළ කරනවා.