Gossips

මතභේදාත්මක අධ්‍යාපන සේවයේ පත්වීම් ලබාදීම ජනපති නියමයෙන් නවතී

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අදාළ පත්වීම් ලබාදෙන පුද්ගලයින්ගේ පෞද්ගලික ලිපි ගොනු යළි විමර්ශනය කර නිර්දේශ ලබාදීම සඳහා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.