Gossips

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන අධිකාරියට කැබිනට් අනුමැතිය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය උවදුර සඳහා තිරසාර විසඳුමක් ලබාදීමට මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරි සැලැස්ම දියත් කෙරුණා.
මතින් නිදහස් රටක් බිහි කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත් වීමෙනුයි මෙම වැඩසටහන සිදුකරනු ලබන්නේ.
මේ අතර, අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලූ රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම සම්පාදනය කෙරෙනවා.
එමෙන්ම, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව සිටින විශ්‍රාමික ති්‍රවිධ හමුදා සාමාජිකයින් 792 දෙනෙකුට සහන සැලසීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව සේවා කාලය සම්පූර්ණකොට විශ්‍රාම ගොස් සිටින ති්‍රවිධ හමුදා සාමාජිකයින් 1573 දෙනෙකු සඳහා සහන සැලසීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.