පොළොන්නරුව පෙරියාරු ඇලේ මඩ අතර සිරවී අලි පැටවෙකු මියගොස් තිබෙනවා.
අවුරුදු 8 ක් පමණ වයසැති මෙම අලි පැටවා ඊයේ රාත්‍රී මඩෙහි එරී ඇති අතර වනජිවී නිලධාරීන් අලි පැටවා බේරා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ.
මඩෙහි දගලා ඇතිවු වෙහෙස හේතුවෙන් අලි පැටවා මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි.
ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර
